අද පවත්වන වැලන්ටයින් සාද ගැන පොලිසියේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

අද පවත්වන වැලන්ටයින් සාද ගැන පොලිසියේ අවධානය

අද පවත්වන වැලන්ටයින් සාද ගැන පොලිසියේ අවධානය

අද (14 දා) විවිධ ස්ථානවලට රැස්වන තරුණ යුවළ පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමුකර ඇත. ඒ වැලන්ටයින් දිනය සැමරීමේ මුවාවෙනි.

 

හෝටල්වල හෝ පොදු ස්ථානවල මෙම ජෝඩු රැස්වන මොහොතේ විවිධ මත්ද්‍රව්‍ය වර්ග රැගෙන ඒමට ඉඩ තිබෙන නිසා ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා පොලිස් ඔත්තුකරුවන් යොදන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ජාතික පුවත්පතකට පවසා සිටී.

 

තවද, තම තරුණ දූ දරුවන්ගේ ගමන් බිමන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන ලෙස පොලිසිය දෙමාපියන්ගෙන් ද ඉල්ලා සිටී.

 

views

228 Views

Comments

arrow-up