අපේ අහසත් අපට අහිමි වන ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

අපේ අහසත් අපට අහිමි වන ලකුණු

අපේ අහසත් අපට අහිමි වන ලකුණු

ගුවන් ගමන් පාලකවරුන් දිගින් දිගටම සේවයෙන් ඉවත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ දී දැඩි අර්බුදයකට මුහුණ දිය හැකි බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට නිලධාරීන් 138 දෙනෙකු අවශ්‍ය වුවද දැනට සේවයේ සිටින්නේ නිලධාරීන් 81 දෙනෙකු පමණක් බවය.

 

තවත් නිලධාරීන් හතරක් හෝ පහක් සේවයෙන් ඉවත්වුවහොත් මෙරට ගුවන් ගමන් කටයුතු දැඩි අවදානමකට ලක්වීමට ඉඩ ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි. ඒ අනුව එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගණපූරණය නොමැතිවුවහොත් ඉදිරියේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සංගමය විසින් අපට අයත් ගුවන් කලාපය යාබද වෙනත් රටකට පවරාදීමේ බරපතළ අවදානමක් ද පවතින බවය.

 

එසේ වුවහොත් ශ්‍රී ලංකාවට ලැබෙන සුවිශාල විදේශ විනිමය ආදායමක් අහිමිවීමේ බරපතළ අවදානමක් ද පවතින බව එම සංගමය පෙන්වා දෙයි.

views

221 Views

Comments

arrow-up