FEB
07
මුදල් වැය කර ප්‍රතිරූපය පිම්බීම අවශ්‍ය නෑ - සජිත් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මේ මොහොතේ ජනතාවට අවශ්‍යව ඇති මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.
ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් "නිරුත්තර රටක උත්තරය" යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ මිනුවන්ගොඩ පැවති ජනරැලියකදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.
මුදල් වැය කර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසීය.
224 Views
Comments