FEB
07
හෙට ගැන කතා කරන්න GMOA අද රැස් වෙයි

ජල, විදුලි, තෙල් සහ වරාය වෘත්තීය සමිති විසින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති අවස්ථාවක දී, හෙට දිනයේ ඒ පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා අද දහවල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභාව රැස්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙට දින ඔවුන් මාසික වැටුප, මුදල් නොවන වරප්‍රසාද සහ අනෙකුත් දීමනා වලින් 6% සිට 36% දක්වා ආදායම් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස බල කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක වල නිරත වීමට සූදානම් වේ.
223 Views
Comments