ප්‍රභාකරන් මිය ගොස් නැති බව පැවසීම විහිළු සහගත බව ආරක්ෂක අමාත්‍යාංශය කියයි

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවට ඉන්දීය දේශපාලනඥයෙකු සිදුකරන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි. එම ප්‍රකාශය විහිළු සහගත බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේ ය.
ලෝක දෙමළ සංවිධානයේ සභාපති පී. නෙදුමාරන් තමිල්නාඩුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් කර තිබෙන්නේ, LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව සහ නුදුරේදී ම, දෙමළ ජාතියේ විමුක්තිය උදෙසා ප්‍රභාකරන් ඉක්මනින්ම ජනතාව අතරට පැමිණෙනු ඇති බව යි. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් මහතා සදහන් කළේ අදාළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බව ය.
ඔහු පෙන්වා දෙන්නේ DNA පරීක්ෂණයකින්, හිටපු LTTE නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය බවට තහවුරු වී ඇති බවයි. කර්නල් නලින් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු LTTE සාමාජිකයින් වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ද ප්‍රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මිය ගිය බවට තහවුරු කළ බව ය.
275 Views
Comments