සාදයක් අතර ගැටුමක් නිසා ගැබිණියකට දරු කළලය අහිමි වෙයි

ගනේමුල්ල පොලිස් වසමේ අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයකදී ඇති වූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහරක් එල්ල කළ නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිවු මස් ගැබිනිය බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ කළලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පොලිසියට පවසා ඇත්තේ.
මෙම ගැටුමට හේතු වී ඇත්තේ, මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියාගේ සහෝදරයෙකු සහ නාවික සෙබළා අතර බහින්බස් වීමක් බවයි වාර්තා වන්නේ.
269 Views
Comments