රුහුණු විශ්වවිද්‍යාලයේ විෂ වායු සිද්ධියට එරෙහිව විරෝධතාවක්

ඊයේ (14) රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සරසවි සිසුන් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබිණි. මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදු නොකළ බවට චෝදනා කරමින් ය.
රොහාන් ලක්සිරි මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, ඉකුත් පෙබරවාරි 6 වනදා රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ පිහිටි සිය නිල අධ්‍යයන කාමරයට ගිය අවස්ථාවේ දී ගෑස් කාන්දුවක් වැනි දුර්ගන්ධයක් එහිදී තමාට දැනුණු බවත්, ටික වේලාවකින් ක්ලාන්ත ගතියක්ද හටගත් බවත් ය.
291 Views
Comments