ජනපති රනිල් රට ජයග්‍රහණය කරා ගෙන යාවි - බැන්කි මූන් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ජනපති රනිල් රට ජයග්‍රහණය කරා ගෙන යාවි - බැන්කි මූන් කියයි

ජනපති රනිල් රට ජයග්‍රහණය කරා ගෙන යාවි - බැන්කි මූන් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු සහිතව ජයග්‍රහණය කරා යනු ඇතැයි තමා විශ්වාස කරන බව බැන්කි මූන් මහතා ප්‍රකාශ කර තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ පැවති "හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවට" එක්වෙමින් බැන්කි මූන් මහතා මේ බව සඳහන් කළ බවයි.

 

එම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැන්කි  මූන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍, මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර සුවිශාල වෙනසක් පවතින බව යි.

 

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) බැන්කි  මූන් මහතා හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

views

243 Views

Comments

arrow-up