මිනිස් ජාවාරමකට සම්බන්ධ අයෙක් දැලේ

අම්බලන්තොට, නෝනාගම, වැලිපටන්විල පදිංචි මිනිස් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ.
එම සැකකරු විසින් තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් ඔවුන්ව අතරමං කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසා සිටී.
මෙම ප්‍රධාන සැකකරු විසින් පුද්ගලයින්ගෙන්ගෙන් ලක්ෂ 19 පමණ මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් වැටලීමේදී පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු සිදුකරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම පළාගිය සැකකරු පළාත් පාලන මැතිවරණය සඳහා, ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු ඊයේ (06) හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. එමෙන්ම, එම සැකකරුට අධිකරණය විසින් නියෝගකර ඇත්තේ මේ වනවිට ලාඕසයේ අතරමං ව සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ලංකාවට ගෙනවා ගැනීමට කටයුතු කරන ලෙස ය.
217 Views
Comments