ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සාධාරණීකරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සාධාරණීකරණය කරයි

ජාතික ජන බලවේගයේ විරෝධතාවට පහර දීමේ සිද්ධිය පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සාධාරණීකරණය කරයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ජාතික ජන බලවේගය විසින් පසුගියදා පැවැත්වූ, අවසානයේ ශෝකජනක මරණයකින් කෙළවර වූ විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කරමින් අදහස් දැක්වීමක් කර තිබේ.

 

ඔහු කියා සිටින්නේ ජනතාවට සාමකාමීව රැස්වීමේ නිදහස මෙන්ම භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පවතින නමුත්, මාර්ග වල ඒකරාශී වී මාර්ග අවහිර කිරීමේ හැකියාවක් නැති බවයි.

 

එවැනි අවස්ථාවල මහජනතාවගේ හා දේපල වල ආරක්ෂාව වෙනුවෙන් එවැනි විරෝධතා නතර කිරීම සඳහා බලය ක්‍රියාත්මක කිරීම පොලිසිය සහ ආරක්ෂක අංශ සතු වගකීමක් බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

views

220 Views

Comments

arrow-up