මාර්තු පළමුවැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහබැංකුවේ වැඩකටයුතුත් අඩාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

මාර්තු පළමුවැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහබැංකුවේ වැඩකටයුතුත් අඩාලයි

මාර්තු පළමුවැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මහබැංකුවේ වැඩකටයුතුත් අඩාලයි

එළඹෙන මාර්තු පළමුවන දා ශ්‍රී ලංකාවට විශේෂ දිනයක් ලෙස වෘත්තිය සමිති සන්ධානය විසින් ප්‍රකාශ කරමින් සිටී.

 

එයට හේතුව වන්නේ පවතින රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති සන්ධානය විසින් ඒකාබද්ධව දියත් කරන්නට නියමිත මහා වැඩ වර්ජනයයි.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ බැංකු වෘත්තිය සමිති එකමුතුව කියා සිටින්නේ මහ බැංකුවෙන් මහජනතාව වෙත ලබා දෙන සේවාවන් වෙත එදිනට බාධාවන් එල්ල විය හැකි බවයි.

 

එහෙත්, පවතින රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජන පීඩක බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා මෙවැනි වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දෙන එම සංගමය මේ හේතුවෙන් එදිනට මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, ව්‍යවහාර මුදල් කවුළු සහ ප්‍රාදේශීය කාර්යාල හරහා සපයන සේවාවන් අඩාල විය හැකි බවට මහජනතාව දැනුවත් කර සිටී.

views

244 Views

Comments

arrow-up