කිලිනොච්චියේ ගව රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

කිලිනොච්චියේ ගව රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

කිලිනොච්චියේ ගව රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙලක්

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, උතුරු පළාතේ ගවයින් අතර වැළඳී ඇති රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

 

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන අතර රෝගය හේතුවෙන් ගවයින් 10 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවට වාර්තා වේ.

 

පශු වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කිනිතුල්ලන්ගෙන් සහ මැස්සන්ගෙන් මෙම රෝගය ගවයින් වෙත වැඩි වශයෙන් පැතිර යන බවයි.

 

උණ, කෑම අරුචිය සහ ගවයින්ගේ ශරීරයේ ඇතැම් ස්ථානවල ගෙඩි හටගැනීම මෙම රෝගී තත්වයෙහි රෝග ලක්ෂණ වේ.

views

239 Views

Comments

arrow-up