අකුරට වැඩ හේතුවෙන් වරායේ වැඩ කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

අකුරට වැඩ හේතුවෙන් වරායේ වැඩ කොට උඩ

අකුරට වැඩ හේතුවෙන් වරායේ වැඩ කොට උඩ

රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වරාය සේවකයින් අද සෙමින් වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව සඳහන් කර සිටියි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ අද දින 7 පැයේ සිට 15 වන දින 7 පැය දක්වා දින දෙකක අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එය ඉතා සාර්ථක අන්දමින් මේ වන විට වරාය අධිකාරිය තුළ ක්‍රියාත්මක වන බවත්ය. 

 

මේ හේතුවෙන් දෛනිකව කාර්යක්ෂම ලෙස සිදු කරන වැඩ පිළිවෙළ අසාර්ථක වීම හේතුවෙන් ප්‍රයිමුවර් රථ විශාල සංඛ්‍යාවක් වරාය තුළ ගොඩ ගැසී ඇති බව ඔහු කියා සිටියි.

views

247 Views

Comments

arrow-up