පාතාලේ පරිප්පුවාට වෙඩි තැබූ තිදෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

පාතාලේ පරිප්පුවාට වෙඩි තැබූ තිදෙනෙක් දැලේ

පාතාලේ පරිප්පුවාට වෙඩි තැබූ තිදෙනෙක් දැලේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මානවඩුගේ අසංක නොහොත් “පරිප්පුවා” නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය,  කොටුවිල ප්‍රදේශයේ දී තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කර සිටියි.

 

ඒ අනුව, ඝාතනය සිදු කිරීමට සැලසුම් කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් වයස අවුරුදු 28ත් 34ත් අතර වයස් වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී වෙඩි තැබීම සඳහා යොදා ගත් යතුරුපැදියේ හිමිකරුද ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

 

වෙඩි තැබීම සඳහා යොදා ගත් යතුරුපැදිය ද බොරැල්ල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (13) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

views

242 Views

Comments

arrow-up