කඳුළු ගෑස් ගැන චෝදනාවට එරෙහිව පොලිසිය අවසානයේ කට අරී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කඳුළු ගෑස් ගැන චෝදනාවට එරෙහිව පොලිසිය අවසානයේ කට අරී

කඳුළු ගෑස් ගැන චෝදනාවට එරෙහිව පොලිසිය අවසානයේ කට අරී

විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් භාවිත කරනු ලබන කදුළු ගෑස් කල් ඉකුත් වූවා යැයි එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටී.

 

මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් චෝදනා එල්ල කර ඇති නමුත් පොලිසිය විසින් මහජන විරෝධතාවක් පාලනය කිරීම සඳහා දින ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා නොකරන බව ඔහු කියා සිටී.

 

ඕනෑම නිෂ්පාදන භාණ්ඩයක දින ඉකුත් වීමෙන් පසු ඒවගේ ක්‍රියාකාරිත්වය නියමිත ආකාරයෙන් සිදු නොවන බව කියා සිටි ඔහු එම තත්ත්වය කඳුළු ගෑස්වලට ද පොදුව පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

 

පොලිසිය භාවිත කරන කදුළු ගෑස් සඳහා නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති වුවහොත් විරෝධතාවක් විසුරුවා හැරීමට අවශ්‍ය ශක්තිය එහි අඩංගු නොවන බවත්, දින ඉකුත් වීමෙන් අනතුරුව ඒවා භාවිත නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් ක‍රයි.

views

242 Views

Comments

arrow-up