වැඩියෙන් සල්ලි ගන්නා බස් වලට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

වැඩියෙන් සල්ලි ගන්නා බස් වලට වැඩ වරදී

වැඩියෙන් සල්ලි ගන්නා බස් වලට වැඩ වරදී

අඩු වූ බස් ගාස්තුව ප්‍රදර්ශනය නොකොට මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අය කරන බස් රථ පරික්ෂා කිරීමේ වැඩසටහනක් අද සිට බස්නාහිර පළාතේ මාර්ග වල ක්‍රියාත්මක බව වාර්තා වේ.

 

බස් ගාස්තු ලේඛනය මගීන් ට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා කියා සිටී.

 

පසුගිය 29 වන දා ඉන්ධන මිල අඩු කිරීමත් සමග පසුගිය 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කෙරිණ.

 

පසුව එම සංශෝධන ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බස් හිමියන් වෙත ලබා දෙන ලදී.

views

250 Views

Comments

arrow-up