දේශබන්දු නූලෙන් බේරෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

දේශබන්දු නූලෙන් බේරෙයි

දේශබන්දු නූලෙන් බේරෙයි

ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කෙරී ඇති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන, ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සම, ගාස්තුවලට යටත්ව නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (24) නියෝග කරන ලදී.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ, මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මතුකළ මූලික විරෝධතාවක් පිළිගනිමින් බව වාර්තා වේ.

views

216 Views

Comments

arrow-up