සම්බාහනය කරන මුවාවෙන් ප්‍රංශ යුවතියක් අතපත ගාන්න ගිහින් මාරවිල ස්පා හිමිකරු සහ ගෝලයා අනා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

සම්බාහනය කරන මුවාවෙන් ප්‍රංශ යුවතියක් අතපත ගාන්න ගිහින් මාරවිල ස්පා හිමිකරු සහ ගෝලයා අනා ගනී

සම්බාහනය කරන මුවාවෙන් ප්‍රංශ යුවතියක් අතපත ගාන්න ගිහින් මාරවිල ස්පා හිමිකරු සහ ගෝලයා අනා ගනී

ප්‍රංශ ජාතික කාන්තාවක විසින් තොඩුවාව පොලිසියට කර ඇති පැමිණිල්ලකට අනුව, සම්බාහන සේවාවක් ලබාගැනීමට ගිය එම කාන්තාවට අතවර කිරීමට උත්සාහ කළ බව පැවසෙන අයෙකු සහ ඊට අනුබල දුන් බව කියන ව්‍යාපාරිකයෙකු තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මාරවිල - තල්විල ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු සහ එහි සේවය කළ අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් පවත්වා ගෙන ගිය සම්බාහන ආයතනය නියමිත බලපත්‍රයක් පවා නොමැති එකක් බවටද පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

සිද්ධිය වාර්තා වන ආකාරයට, පසුගිය 15 වැනිදා මෙරටට පැමිණ මාරවිල, තල්විල ප්‍රදේශයේ තරු හෝටලයක නවාතැන් ගත් මෙම සංචාරක කාන්තාව, 16 වැනිදා සවස මෙම සම්බාහන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර, සම්බාහනය සිදු කරන අවස්ථාවේ එහි සිටි සේවකයෙකු ඇගේ ලිංගික ප්‍රදේශය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීම කොට තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.
 

views

393 Views

Comments

arrow-up