අධික උණුසුමෙන් පාසල් දරුවන් බේරා ගන්න විශේෂ වැඩපිළිවෙළක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අධික උණුසුමෙන් පාසල් දරුවන් බේරා ගන්න විශේෂ වැඩපිළිවෙළක්

අධික උණුසුමෙන් පාසල් දරුවන් බේරා ගන්න විශේෂ වැඩපිළිවෙළක්

අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.

 

පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ අධික උෂ්ණත්වයක් සහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී අහිතකර ප්‍රතිඵල ඇති විය හැකි බැවින් එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

 

දහඩිය දැමීම හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත් වීම හේතුවෙන් ඇතිවන මස් පිඩු පෙරලීම, අධික මහන්සිය සහ ආඝාත තත්වයන් ඉහල යාම මෙහි බරපතල තත්ත්වයක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටී.

 

අත්‍යවශ්‍යය නොවන අවස්ථාවලදී සිසුන් පාසලෙන් ඉවතට යාම වළක්වාගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ අවධාරණය කොට තිබේ.

 

views

259 Views

Comments

arrow-up