හැටන් පොදු වැසිකිලිය පාලනය කරන සත්තු
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

හැටන් පොදු වැසිකිලිය පාලනය කරන සත්තු

හැටන් පොදු වැසිකිලිය පාලනය කරන සත්තු

හැටන් ප්‍රධාන බස් නැවතුම්පොල භූමියේ ඉදිකර ඇති පොදු වැසිකිලියට පැමිණෙන පිරිසගෙන් වැඩිපුර මුදල් අය කිරීමත්, එම ස්ථානයේ බීමත් පුද්ගලයන් රැඳී සිටීමත් හේතුවෙන් එහි පැමිණෙන පිරිස් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව වාර්තා වේ.

 

හැටන් දික්ඔය නගර සභාව මගින් ඉදිකර ඇති මෙම පොදු වැසිකිලිය ටෙන්ඩර් මගින් පිටස්තර පිරිසකට ලබාදී ඇති අතර, එසේ ටෙන්ඩර් මගින් මෙම වැසිකිලිය ලබා ගෙන ඇති පිරිස ඔවුන්ට කැමති අයුරින් මුදල් අය කිරීමට කටයුතු කරන බවද පැවසේ.

 

මෙම පොදු වැසිකිලිය භාවිතා කරන අයගෙන් රුපියල් හතළිහක් - පනහක් පමණ අය කරන බව වාර්තා වන අතර, අධික ලෙස මුදල් අයකිරීම පිළිබඳව ප්‍රශ්ණ කළහොත්, එහි සිටින පිරිස් පරුෂ වචනයෙන් ජනතාවට බැන වදින බවත් පැවසේ.

 

 එසේම, මෙම ස්ථානයේ බීමත් පුද්ගලයන් නිරන්තරයෙන් රැඳී සිටින බවත්, ඒ හේතුවෙන් හදිසියකට හෝ කාන්තාවකට මෙම පොදු වැසිකිලියට යාමට නොහැකි තත්වයක් පවතින බවත් සඳහන් වේ.

 

මේ පිළිබඳ අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩී. වී. පී. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙහි ටෙන්ඩර් ගිවිසුම අනුව වැසිකිලියට පැමිණෙන අයගෙන් අය කළ හැක්කේ රුපියල් 30 ක් පමණක් බවත්, එම කොන්දේසි උල්ලංඝනය කිරිම පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත්ය.

 

views

476 Views

Comments

arrow-up