මැයි දින සැමරුම් වෙනුවෙන් කෙරෙන විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

මැයි දින රැළි සහ පෙළපාලි සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කර සිටී. කොළඹ, නුගේගොඩ, මහනුවර, නුවරඑළිය, හැටන් ප්‍රදේශවල පැවැත්වීමට නියමිත රැළි හා පෙළපාලි හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.
සුගතදාස ගෘහස්ථ පිටියේ පැවැත්වෙන මැයි දින රැළියට පැමිණෙන සියළු බස් රථ බ්ලූමැන්ඩල් පාර සහ මැටි පාර්ක් රථ ගාලෙහි නතර කිරීමටත්, අනෙකුත් සියලු වාහන සුගතදාස ගෘහස්ථ ක්‍රීඩංගණ භූමියේ ප්‍රභූ රථ ගාලෙහි හා එහි මැද පාරේ නතර කිරීමට හැකියාව ඇති අතර කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි දින රැළියට පැමිණෙන සියළු වාහන සිරිධම්ම මාවත, ජේ.ඩී.ප්‍රනාන්දු මාවත, බන්ධනාගාර හන්දියේ සිට දෙමටගොඩ හන්දිය දක්වා බේස්ලයින් පාරේ නතර කළ හැකි බවත්, ඊ.ඒ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැළියට පැමිණෙන වාහන සියල්ල මඩ පාර්ක් රථ ගාල, රීඩ් මාවත,වේල්ල වීදිය, අඩි 100 පාරේ නතර කිරීමට සැලසුම් කර තිබෙන බවත් පොලිසිය ප්‍රකාශ කර සිටී.
එෆ්.ආර්. සේනානායක මාවතේ පැවැත්වෙන රැළියේ සියළු වාහන නිදහස් මාවත රථ ගාල, රීඩ් මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, එෆ්.ආර්.සේනානායක මාවත හන්දිය සිට කුරුස හන්දිය, කන්නන්ගර මාවත, එෆ්.ආර්.සේනානායක මාවත හන්දිය සිට සොයිසා වටරවුම, නිදහස් වටරවුමේ සිට මෙට්ලන්ඩ් ක්‍රසන්ට් හෝටන් පෙදෙසත් නතර කළ හැක. හයිඩි පිටියේ පැවැත්වෙන රැළියේ සියලු වාහන වොක්ෂෝල් වීදිය, හයිඩ් පාර්ක් සිට කිව් පාර දක්වාද, නව නගර ශාලාවේ පැවැත්වෙන රැළියේ සියලු වාහන අර්නස්ට් ද සිල්වා මාවතේ නතර කිරීමටද, කොස්ගස් හන්දියේ පැවැත්වෙන රැළියේ සියලු වාහන බබාපුල්ල හන්දියේ සිට ආමර් වීදිය දක්වාද නතර කළ හැකි අතර රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසල පැවැත්වෙන ගුණසැමරුම් උත්සවයේ රථ වාහන සියල්ල එම පිළිරුව ඉදිරිපිට මාර්ගයේ රථ ගාල, හල්ට්ස්ඩ්‍රොප් හන්දිය රථගාල සඳහා වෙන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
239 Views
Comments