විදුලි සැර වැදීමෙන් යාපනේ තිදරු පියෙක් මරුට

යාපනය, කෝපායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වාහන අලුත්වැඩියා කරන ස්ථානයකදී, විදුලි සැර වැදීමෙන් ඊයේ (30) සවස පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ආත්තිසූඩු වීදිය ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ සෙල්වරාසා සුජිදරන් නැමැති 40 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන් වේ.
වාහන පෑස්සුමක් සිදු කරමින් සිටින අතරතුර මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බව අනාවරණයවී තිබේ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය කෝපායි ප්‍රාදේශීය රෝහලට යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
299 Views
Comments