ආනයනික බිත්තර වලට රට පුරා ඉල්ලුමක්

ආනයනික බිත්තර බෙදාහැරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇත්තේ බස්නාහිර පළාත තුළ පමණක් බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසා සිටී.
සෙසු පිට පළාත් වල මහා පරිමාණ බේකරි සහ හෝටල්වලින් ආනයනික බිත්තර සඳහා විශාල ඉල්ලුමක් පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා කියා සිටී.
එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට හැකියාව ඇතත්, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඒ සඳහා නොමැතිවීම ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර පසුගිය 15 වන දා දිවයිනට රැගෙන ආ ලක්ෂ 10 ක බිත්තර තොගය බස්නාහිර පළාතේ මහා පරිමාණ බේකරි සහ හෝටල් වෙත අද බෙදාහැරෙනු ඇත.
එමෙන්ම, පසුගිය 19 වන දා මෙරටට පැමිණි ලක්ෂ 10 ක බිත්තර තොගයේ සාම්පල පරීක්ෂාව සඳහන් නියැදි ලබා ගැනීම අද සිදුකිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
234 Views
Comments