බූස්ස වෙරළ තීරයේ දියනාමින් සිටි කුඩා දරුවෙකු අතුරුදන්

ඊයේ (07) සවස් කාලයේදී රත්ගම, බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 06 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි පාවර, බූස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
එම ළමයා සහ තවත් ළමුන් පස් දෙනෙකු මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිට පසුව දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
රත්ගම පොලිසිය, ප්‍රදේශයේ ධීවරයින් හා නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුමක් සිදුකරනු ලබයි.
320 Views
Comments