බලෙන් ඉන්සියුලින් විද බිරිඳ මරන්න හැදූ බම්බලපිටියේ දොස්තර සැමියා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

බලෙන් ඉන්සියුලින් විද බිරිඳ මරන්න හැදූ බම්බලපිටියේ දොස්තර සැමියා

බලෙන් ඉන්සියුලින් විද බිරිඳ මරන්න හැදූ බම්බලපිටියේ දොස්තර සැමියා

ඉන්සියුලින් අධිමාත්‍රාවක් බලහත්කාරයෙන් සිය බිරිඳට විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන වෛද්‍යවරයෙක් සැකපිට බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

සිරුරට අධිමාත්‍රාවක් ඉන්සියුලින් විදීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති කාන්තාව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද වාර්තා වේ.

 

දරුවන් නොමැති වීම නිසා දෙදෙනා නිතර නිතර ආරවුල් ඇතිවී තිබෙන අතර මුලික විමර්ශන වලින් පෙනීගොස් ඇත්තේ ඒ අනුව බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන් සැකකාර වෛද්‍යවරයා ඇයට මෙලෙස එන්නතක් විද ඇති බවයි.

 

එන්නත අධිමාත්‍රාවෙන් ශරීරගත වීම හේතුවෙන් සිහිසුන් වූ බිරිඳ පසුව රෝහල් ගත කර ඇති බව අනාවරණය වී තිබේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මේ වන විට සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

views

329 Views

Comments

arrow-up