නුවරඑළියේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් මහ විපතක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

නුවරඑළියේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් මහ විපතක්

නුවරඑළියේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් මහ විපතක්

නුවරඑළිය ආගරපතන ප්‍රදේශයට ඊයේ (23) පස්වරුවේ ඇදහැලුනු අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ආගරපතන සිංහල මහා විද්‍යාල භූමියේ තිබූ සයිප්‍රස් ගසක්, පාසල් පුස්තකාලයට හා 1 හා 2 ශ්‍රේණිවල පන්ති කාමරවලට දැඩි අලාභ හානි සිදුව තිබෙන බව වාර්තා වේ.

 

එම තත්ත්වය හේතුවෙන් පාසලේ ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අනුමැතියට යටත්ව අද දින නිවාඩු ලබාදී ඇත.

 

හානියට පත්වූ ගොඩනැගිලි යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව යළි ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන බව පාසලෙ විදුහල්පතිවරයා කියා සිටී.
 

views

304 Views

Comments

arrow-up