කුඹුර මුර කරන්න ගිය තරුණයාගේ මළසිරුර කුඹුරේ වැටී තිබී හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

කුඹුර මුර කරන්න ගිය තරුණයාගේ මළසිරුර කුඹුරේ වැටී තිබී හමු වෙයි

කුඹුර මුර කරන්න ගිය තරුණයාගේ මළසිරුර කුඹුරේ වැටී තිබී හමු වෙයි

වව්නියාවේ පුලියන්කුලම, පුතූර් ප්‍රදේශයේදී තරුණයෙකුගේ මළසිරුරක් කුඹුරක තිබී හමු වී ඇති බව වාර්තා වේ.

 

මෙසේ මිය ගොස් ඇත්තේ රාත්‍රී කාලයේ කුඹුරක් මුර කිරීමට ගිය තරුණයෙක් වන අතර ඔහු කුඹුරේ සිට ආපසු නිවසට නොපැමිණිම නිසා පවුලේ උදවිය කුඹුරට ගොස් බලා ඇති අතර, එහිදී ඔහුගේ මළ සිරුර හමුවී ඇති බව වාර්තා වේ.

 

මෙම ගිය තරුණයා පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි ජගනාදන් කෙජිදන් නැමැති අයෙක් බව සඳහන් වන අතර ඔහුගේ මළ සිරුර වැඩිදුර මරණ පරීක්ෂණ සඳහා වව්නියාව මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

 

පුලියන්කුලම පොලිසිය විසින් තරුණයා මිය ගිය ස්ථානයද ස්ථානීය පරීක්ෂාවට ද ලක් කර තිබෙන අතර ඔහු මියගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

 

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පුලියන්කුලම පොලිසිය හා වවුනියාව පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.
 

views

420 Views

Comments

arrow-up