මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
10

මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්

මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ ඉල්ලීමක්

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට පැළයක් සිටුවා "අවුරුද්දට සිරිතක් පරිසරයට පැළයක්" වැඩසටහනට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

 

මෙම වැඩසටහන දිවයින පුරා ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වේ.

 

ඕනෑම වයස් කාණ්ඩයකට අයත් අයෙකුට ඖෂධ, පලතුරු, පැළෑටි මෙන්ම දැවමය වටිනාකමකින් යුත් පැළයක් සිටුවීමෙන් මේ සඳහා එක් වීමට හැකියාවක් පවතින අතර, ඒ සඳහා පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් මධ්‍යම පරිසර අධිකාරියට යොමු කළ හැකි බව සඳහන් වේ.

 

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011-2872359 හෝ 011-2872278 දුරකථන අංක වලට සම්බන්ධ වීමෙන් ලබා ගත හැකි බව ද පැළ සිටුවීමෙන් වසරකට පසු සිදුකරන සමීක්ෂණයකින් අනතුරුව නිසි ලෙස පැළ රෝපණය කළ සහ නඩත්තු කළ පුද්ගලයන්ට සහතිකපත් ප්‍රදානය සිදු කිරීමට නියමිතව ඇති බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටී.
 

views

308 Views

Comments

arrow-up