APR
03
පෞද්ගලීකරණයට එරෙහි වෙමින් ටෙලිකොම් සේවකයින් අද වර්ජනයේ

රජය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එළඹි තීරණයට විරෝධය පළ කරමින් ටෙලිකොම් සේවකයින් අද (03) දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී තිබේ.
ටෙලිකොම් වෘත්තීය සමිති 18 ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පවත්වා තිබේ.
වර්ජනයට සමගාමීව අද (03) දිනය පුරා කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී ද ටෙලිකොම් සේවකයින් විරෝධතාවක නිරත විය.
293 Views
Comments