කච්චතිව් දූපත ගැන නාවික හමුදාවෙන් හදිසි නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

කච්චතිව් දූපත ගැන නාවික හමුදාවෙන් හදිසි නිවේදනයක්

කච්චතිව් දූපත ගැන නාවික හමුදාවෙන් හදිසි නිවේදනයක්

කච්චතිව් දූපතේ ස්ථාපිත ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය හා බුදු පිළිමය සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

 

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.

 

"කච්චතිව් දූපත ගොඩබිමේ සිට නාවික සැතපුම් 50 කට ආසන්න දුරකින් පිහිටි මිනිස් වාසයකින් තොර දූපතකි. එම ප්‍රදේශය අවට ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික අනුඛණ්ඩයක් ස්ථාපිත කර ඇත. තවද, එම ආරක්ෂක රාජකාරීන් වලට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ පූර්ණ දායකත්වයෙන් ඉදි කර ඇති ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය රැකබලා ගැනීමද ඔවුන් විසින් සිදුකරනු ලබයි. ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හැරුණු කොට වසරේ අනෙකුත් සෑම දිනකදීම මෙම දේවස්ථානය දෛනිකව පිරිසිදු කර, පහන් දල්වා ඉතා භක්තියෙන් අනුඛණ්ඩයේ සිටින නාවිකයින් විසින් රැකබලා ගනු ලබයි. 

 

මෙම අනුඛණ්ඩයේ රාජකාරි සිදුකරනු ලබන බහුතරයක් නාවිකයින් බෞද්ධාගමිකයන් වන බැවින්, ඔවුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා අනුඛණ්ඩයේ භට නිවස අසල කුඩා බුදු පිළිමයක් තැන්පත් කර ඔවුන් විසින් වන්දනාමාන කටයුතු සිදුකරනු ලබයි.

 

එමෙන්ම, මෙම දේවස්ථානයට අමතරව වෙනත් කිසිදු ස්ථීර ඉදිකිරීමක් මෙම දූපතේ සිදුකල නොහැකි අතර, නාවික භටයින් නවාතැන් ගෙන ඇත්තේද තාවකාලිකව ඉදිකර ඇති භට නිවාස වලය.

 

 තවද, ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැරුණු කොට වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් මෙම කච්චතිව් දූපතේ නොමැති අතර, ඉදිරියේදීද කිසිදු සිද්ධස්ථානයක් ඉදි කිරීමට නාවික හමුදාව කටයුතු නොකරන බවටත් තරයේ අවධාරණය කරනු ලබයි."

views

242 Views

Comments

arrow-up