සේවාවේ ගුණාත්මක වර්ධනයක් වෙනුවෙන් ලංගමෙන් විශේෂ වැඩපිළිවෙලක්

බස් මාර්ග සිතියම් භූගෝලීය තොරතුරු පද්ධතියකට (GIS) ඇතුළත් කිරීම අරමුණු කරගත් නව නියමු වැඩසටහනක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් මාර්ග සහ කාලසටහන් ඵලදායීී ලෙස කළමනාකරණය කිරීමට සහ අධීක්‍ෂණය කිරීමට ඉඩ සැලසෙන අතර එමගින් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වනු ඇත.
මෙම නියමු වැඩසටහන හරහා බස් මාර්ග සිතියම් GIS මෘදුකාංගයකට ඒකාබද්ධ කෙරෙන අතර එමගින් ලංගමයට තම ප්‍රවාහන ජාලය පිළිබඳ වඩාත් නිවැරදි සහ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
ගමනාගමන කාලය අඩු කිරීම, බස් කාලසටහන් වැඩි දියුණු කිරීම සහ අවසානයේ පොදු ප්‍රවාහන සේවාවල සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් මගීන්ට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයටද සැලකිය යුතු ප්‍රතිලාභ ලබා දීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
243 Views
Comments