අනුරාධපුර කුඹිච්චන්කුලම වැවේ නාඳුනන මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

අනුරාධපුර කුඹිච්චන්කුලම වැවේ නාඳුනන මළ සිරුරක්

අනුරාධපුර කුඹිච්චන්කුලම වැවේ නාඳුනන මළ සිරුරක්

අනුරාධපුර නගරයේ කුඹිච්චන්කුලම වැවේ තිබී ඝාතනයක් බවට සැක කෙරෙන මළ සිරුරක් හමුවී තිබේ. අද (13) උදෑසන අනුරාධපුර පොලිසිය මගින් මෙම සිරුර සොයාගෙන ඇති අතර අදාල පුද්ගලයා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇති බවට සැක කරයි.

 

අනුරාධපුර පොලිසිය සඳහන් කළේ, මෙම පුද්ගලයා අනුරාධපුර නගරයේ යාචකයෙකු ලෙස පෙනී සිටි වයස අවුරුදු 45 ක පමණ පුද්ගලයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිසිය සඳහන් කරන්නේ, මෙය ඝාතනයක් බවට සැක කරන බවයි. අනුරාධපුර පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

views

212 Views

Comments

arrow-up