MAR
13
විදේශ රැකියා අපේක්ෂිත ඔබට සුවිශේෂී අවස්ථාවක්

විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන සැමට සුවිශේෂී අවස්ථාවක් උදා කර දෙමින්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන සමග එක්ව රැකියා පොළක් පැවැත්වීමට එම කාර්යාංශය සූදානම් වේ.
එළඹෙන 16 වන දා පෙරවරු 10.00 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම රැකියා වැඩසටහනට සහභාගි වී ඔබේ රට රැකියා සිහින සැබෑ කරගන්නා ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආරාධනා කර සිටී. වැඩසටහන සඳහා සබැඳිය පහතින් දැක්වේ.
252 Views
Comments