MAR
13
ජනපති රනිල්ගෙන් චීන ජනපතිට සුබපැතුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තුන්වන වරටත් චීනයේ ජනාධිපති ධුරයට පත්වූ ෂි ජිං පිං හට සුබ පැතුම් එක්කර තිබේ.
ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් දක්වා ඇත්තේ, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා චීනය දක්වන සහය පිළිබඳ ස්තූතිය පළ කරන බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ලබා ගැනීමේ දී චීනය ශ්‍රී ලංකාවට දැක්වු සහය පිළිබඳව ද ජනාධිපතිවරයා එහි දී විශේෂයෙන් සිහිපත් කර තිබේ.
193 Views
Comments