පාසල් දරුවන් වෙනුවෙන් කෙරෙන පෝෂණ වැඩසටහන ගැන ජූලී චංග් පැහැදිළි කරයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලී චංග් පවසන්නේ, පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක හතක සිසු සිසුවියන් 95,000 ක් වෙත අතිරේක ප්‍රෝටීන් පෝෂණ ලබාදී ඇති බවයි.
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ, ගුරුආරගම ප්‍රාථමික විද්‍යාලයේ සංචාරයකට ජූලී චංග් එක්වූ අවස්ථාවේදී මෙම වැඩසටහන යටතේ සහල්, එළවළු තෙල්, කහ පරිප්පු, ඇල්ස්කන් රෝස සැමන් ලබාදීමට කටයුතු කළ බව ප්‍රකාශ කළ බවයි.
එමෙන්ම මෙරට සාක්ෂරතාව ඇතුළු අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් කොරෝනා වසංගත සමයේ ඩොලර් මිලියන 27.5 ක වියදමින් ආරම්භ කෙරුණු ආහාර තොග සැපයීම මෙම වසරේ දී ද සම්පූර්ණ කිරීමට නියමිත වේ.
269 Views
Comments