වනජීවී සංරක්ෂණ කලාප වල අලි අගල් කැපීමට එරෙහිව තහනම් නියෝගයක්

වනජීවීී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වනජීවීී සංරක්ෂණ කලාප වල අලි ඇතුන් ගම්වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඒ. එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකළ පෙත්සමක් හේතුවෙනි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
මෙම අගල් කැපීම හේතුවෙන් කුඩා සතුන්ට, ශාඛ වලට මෙන්ම ජල පෝෂක ප්‍රදේශ වලට දැඩි හානි සිදු වන බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළ අතර කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම සැප්තැම්බර් මස 22 වැනිදා විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
365 Views
Comments