විද්‍යා ඝාතනයේ වරදකරුවන්ට අද අධිකරණයෙන් දුන් තීන්දුව

යාපනයේ දී 2015 වසරේ මැයි මස 13 වනදා, විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.
මෙම අභියාචනා පෙත්සම් අද (20) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වනදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.
බන්ධනාගාරගතව සිටින අදාල සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ "ස්විස් කුමාර්" ඇතුළු විත්තිකරුවන්ව මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් තිබුණි.
විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළ අතර එම දඬුවම නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත්, නියෝග කරන්නැයි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලා තිබේ.
261 Views
Comments