අවුරුද්දෙන් පසු ලංකාවේ තෙල් බෙදන්න විදෙස් සමාගම් තුනකට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

අවුරුද්දෙන් පසු ලංකාවේ තෙල් බෙදන්න විදෙස් සමාගම් තුනකට අවසර

අවුරුද්දෙන් පසු ලංකාවේ තෙල් බෙදන්න විදෙස් සමාගම් තුනකට අවසර

ඉන්ධන සමාගම් තුනක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

Sinopec, United Petroleum සහ RM Parks of USA යන සමාගම් වලට මෙම අනුමැතිය හිමි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

 

මේ ඔස්සේ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවන බවද අමාත්‍යාංශය කියා සිටියේය.

 

මෙහිදී මෙම අදාල සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

views

242 Views

Comments

arrow-up