තෙල් සංස්ථාව විකිණීමට එරෙහිව නොනිදන සත්‍යග්‍රහයක්

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතු කොටස් විකිණීමට එරෙහිව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ උපවාසය හෙට සිට සත්‍යග්‍රහයක් දක්වා වර්ධනය කරන බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල පවසයි.
තෙල් සේවකයින් අද පෙරවරුවේ කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තය පිවිසුම ආසන්නයේ අට්ටාලයකට නැගී උපවාසය ආරම්භ කළහ.
ලාභ ලබන තත්ත්වයක පවතින තෙල් සංස්ථාව කොටස් වලට විකිණීමට එරෙහිව රජයට බල කරමින් මෙම උපවාසය ආරම්භ කළ බව ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල කියාසිටි.
297 Views
Comments