අනියම් පහසට ලොල් වී හිමි මරන්නට තැනූ කත තුනක් සමග දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අනියම් පහසට ලොල් වී හිමි මරන්නට තැනූ කත තුනක් සමග දැලේ

අනියම් පහසට ලොල් වී හිමි මරන්නට තැනූ කත තුනක් සමග දැලේ

තම ස්වාමි පුරුෂයාගේ හොඳම මිතුරා සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගනිමින් තම සැමියාව ඝාතනය කිරීම සඳහා  රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබා දුන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකාරිය සැමියා සමග එකට ජීවත් වෙමින් සිටිය දී තම සැමියාගේ මිතුරා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර, තම සැමියාට එය අසුවීමට පෙර ඔහුව මරාදැමීම සඳහා ප්‍රධාන සැකකරු වන අනියම් සැමියා සමග එක් වී මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කොට ඇතැයි පොලිසිය කියයි.

 

ඒ අනුව සැකකාර බිරිඳ තම දරුවන් සමග වැලිමඩ ජීවත්වන මව්පියන් බැලීමට ගොස් සිටිය දී ඇගේ ස්වාමියා ඝාතනය කිරීමට සැලසුම් සකස් වී ඇති අතර, එම බිහිසුණු සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සැකකාර අනියම් සැමියා විසින් මීගමුව ප්‍රදේශයේ කුලී මැරයින් දෙදෙනෙකු යොදාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

 

අදාල දිනයේ, සැකකාරිය නිවසින් පිටත්ව ගිය පසු නිවසේ තනිව සිටි සැමියා වෙත මෙම කුලී මැරයන්ගෙන් දරුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වී ඇති බව සඳහන් වේ.

 

ඔවුන් මේ සඳහා කඩු සහ පිහි යොදාගෙන තිබෙන අතර එම ආයුධ නෑබඩ වැවට විසිකර ඇති බව පසුව පොලිසිය විසින් අනාවරණය කරගන්නා ලදී.

 

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සැමියා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර,  සිදුකෙරුණු පොලිස් විමර්ශන ඔස්සේ සැකකාර බිරිඳ හා ඇගේ අනියම් සැමියාත්, මෙම සැලසුමට හවුල් වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකුත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය කියයි.
 

views

357 Views

Comments

arrow-up