පාන් පිටි සහ සීනි මිල නගී

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති බව ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටී.
ඊයේ (07) දිනයේ තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත් කළ අතර, මෙම බදු සහනය ඉවත් කිරීම තුළින් කිසිසේත්ම මිල වැඩි වීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටියේය.
ලෝක වෙළෙඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති බව ආනයනකරුවන් පවසා සිටී.
මීට පෙර සුදු සීනි කිලෝවක මිල පැවතියේ රුපියල් 190 ක් ලෙසයි.
411 Views
Comments