ෆාතිමාගේ ඝාතකයා බන්ධනාගාරයට

ගම්පොළ ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකරුගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු තරුණියගේ මළසිරුර ඊයේ ගොඩගනු ලැබීය.
22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදු කල අතර ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී ඇත.
තරුණිය ඝාතනය කර වළදැමූ බවට පාපොච්චාරණයක් ඝාතන සැකකරු විසින් සිදුකර තිබුණි.
338 Views
Comments