කොළඹ ආරක්ෂාව තව දුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

කොළඹ ආරක්ෂාව තව දුරටත්

කොළඹ ආරක්ෂාව තව දුරටත්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට යෙදවූ ආරක්ෂක රැකවල් තවදුරටත් ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් පැවසීය.

 

 

මේ සම්බන්ධයෙන් "ආයුබෝ" කළ විමසුමකදී ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි මෙලෙස ත්‍රිවිධ හමුදාව යෙදවු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

 

හදිසි ආරක්ෂක සැළසුමකට අනුව පොලිසිය හා ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් අදාළ අංශ යළි දැනුම් දෙනතුරු ත්‍රිවිධ හමුදාව මේ සදහා යොදවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇත

views

245 Views

Comments

arrow-up