කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට ජනපති සමඟ සාකච්ඡා

කෘෂිකර්ම නවීකරණ ක්‍රියාවලියේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කරගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදෙනු ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් එම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම්කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇත.
රාජ්‍ය අංශයේ මඟපෙන්වීම හා තාක්ෂණික සහාය ඇතිව පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බව වැඩිදුරටත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වනවිට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත.
245 Views
Comments