MAY
21
ඊශ්‍රායලයට තවත් කණ්ඩායමක් පිටත් වේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 57 වන කණ්ඩායම ලෙස රැකියාලාභීන් විසිතුන් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය ද ඊයේ (20) සිදුවිය.
මෙම පිරිසට කාන්තාවන් 19 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 4 දෙනෙකු අයත් වේ.
අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 319 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා යාමට අවස්ථාව හිමිවන්නේ තම කාර්යාංශයෙන් පමණක් බවයි.
232 Views
Comments