විදෙස් රැකියා ජාවාරමේ තවත් කතක් අත්අඩංගුවට...
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
14

විදෙස් රැකියා ජාවාරමේ තවත් කතක් අත්අඩංගුවට...

විදෙස් රැකියා ජාවාරමේ තවත් කතක් අත්අඩංගුවට...

කලුබෝවිල ප්‍රදේශයේ විදේශ රැකියා උපදේශන සේවා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රට රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කර ඇත.



රුමේනියා රටේ රැකියා සඳහා යවන බව පවසමින් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙන තමන්ට වංචා කළැයි වාද්දුව සහ තල්පිටිය යන ප්‍රදේශයේවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර තිබිණි. අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොස්වත්ත, බත්තරමුල්ල පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිල්ලේ දෙපාර්ශවය ඊයේ කැඳවා තිබූ අතර එම අවස්ථාවේ සැකකාරිය අත් අඩංගුවට පත්ව තිබේ.



රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායිකා තනතුරු සඳහා තමන්ව යවන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 ක මුදලක් සැකකාරිය විසින් ඉල්ලූ බවත් අත්තිකාරම් මුදල් ලෙස එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාර බැගින් ලබා ගෙන තමන් මගහරිමින් සැකකාරිය තමන් රැවටූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.



විදේශ රැකියා උපදේශන සේවා සපයන මුවාවෙන් සැකකාරිය මෙම විදේශ රැකියා ජාවාරම කාලයක සිට පවත්වා ගෙන ගොස් ඇතැයි පැවසේ. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට කාර්යාංශයේ විමර්ශන අංශය කටයුතු කරමින් සිටී.
 

views

258 Views

Comments

arrow-up