MAY
07
බැසිල් හදිසියේම රට යයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම හදිසියේ විදෙස්ගතව ඇති බව වාර්තා වේ.
අලුයම 3.30 ට පමණ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ ගුවන්තොටුඵොලට ඇතුළු වූ ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ බිරිඳ ද මෙම සංචාරයට එක්ව ඇති අතර, ඔවුන් ඩුබායි රාජ්‍යයේ සිට ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවද පැවසේ.
ඔහුගේ මෙම හදිසි සංචාරයට හේතුව කුමක්දැයි අනාවරණය වී නැත.
291 Views
Comments