ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ජපානයේ රෝපණය කරයි

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු ජනතාවට වන්දනාමාන කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඊයේ (29) දින ජපානයට වැඩම කරවනු ලැබීය.
එම බෝධීන් වහන්සේ වැඩම කරවනු ලැබුවේ ජපානයේ දී පැවැත්වෙන ප්‍රසාදි අභිමානි සැමරුම් වැඩසටහනට සමගාමීව අද (30) ෆුජිනොමියා නගරයේ සුගත විහාරස්ථානයේ රෝපණය කරනු ලැබීම සඳහාය.
එහිදී එම ජය ශ්‍රී මහා බෝධි ශාඛාව නිරාවරණය කර බෝධි පූජා පවත්වමින් පිරිස් සජ්ඣායනා කර ආශිර්වාද ලබා දීම සිදු කරනු ලැබීය.
284 Views
Comments