ඉතිහාසයේ දැවැන්තම මත්කුඩු නඩුවක තීන්දුවට එරෙහිව අභියාචනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ඉතිහාසයේ දැවැන්තම මත්කුඩු නඩුවක තීන්දුවට එරෙහිව අභියාචනයක්

ඉතිහාසයේ දැවැන්තම මත්කුඩු නඩුවක තීන්දුවට එරෙහිව අභියාචනයක්

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව වාර්තා වේ. එම අභියාචනය ඉදිරි දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිත වන අතර අදාල චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබීය.

 

එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන හෙයින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළ අතර එම තීරණයට එරෙහිව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

views

311 Views

Comments

arrow-up