රග්බි මූලස්ථානයට සීල් තැබීම ගැන හිටපු සභාපති පොලිසියට කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

රග්බි මූලස්ථානයට සීල් තැබීම ගැන හිටපු සභාපති පොලිසියට කියයි

රග්බි මූලස්ථානයට සීල් තැබීම ගැන හිටපු සභාපති පොලිසියට කියයි

ශ්‍රී ලංකා රග්බි සංගම් මූලස්ථානයට හදිසියේ මුද්‍රා තැබීම සම්බන්ධයෙන් රග්බි සංගමයේ හිටපු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බව වාර්තා වේ.

 

රග්බි සංගමය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුවෙමින් පවතින පසුබිමක මෙලෙස රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තැබීම ගැටළු සහගත බව ඔහු පොලිසිය හමුවේ පවසා ඇති අතර, එම නඩුවලට සම්බන්ධ ලිපිගොනු අස්ථානගත වීමක් සිදුවුවහොත් එහි වගකීම ක්‍රීඩා අමාත්ත්‍යාංශ බලධාරීන් විසින් භාරගත යුතු බවට හිටපු රග්බි සභාපතිවරයා තරයේ කියා සිටී.

views

288 Views

Comments

arrow-up